තනි තරුව.
රෑට මං තනිකමට අහස දෙස
බැලුවම,
සඳ වැසී වලාකුළු අතර හැංගි
රහසේ,
සැඟවෙලා දුර ගිහින්
තරුව තවමත් අහසේ ,
හඬනවා ඉකිගසා තනි වෙලා
තවම රෑ ආකාසේ.....
පිනි බින්දුවක් ඇවිත් වැටී
මල් පෙති මත්තේ,
පිනි බින්දුවක් නෙමේ
කදුළු බිඳුවකි වැටුනේ,
ලොවට රහසේ හෙමින් හඩන
තරුකැට යායේ,
සඳට පෙම් බැදී තරුව
හොයමි මම රෑ අහසේ......
ලොවට හොර රහසේ හිඳ හඬන
තරු කුමරියනේ,
ඇවිත් යනවද යලිත් සඳ
නැගෙන රෑ යාමේ.........
-හිමාලි ප්‍රියංගිකා-

No comments:
Post a Comment