Saturday, April 4, 2015

බොරදියෙන් උපන් ගෝතමිය.......දකිමු අපි සැබෑ ලොවෙහි....

 සිනමාව යන්න පිළිබදව කාලයෙන් කාලයට නොයෙක් කතිකාවන් ඇති වේ. අද වනවිට  සිනමාවේ වැඩිවශයෙන් කතා බහට ලක් වී ඇති මාතෘකාව බවට පත් වී ඇත්තේ බොරදිය පොකුණ සීනමා වෘතාන්තය වේ.
       
මෙම සිනමාපටය 2001 දී නිර්මාණය වී අවසන් වුවද  මෙය ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට
නැරඹීමේ හැකියාව ලැබෙන්නේ 2015 වසරේදිය. මීට බලපා ඇති කාරනය වන්නේ රැගුම්පාලක මණ්ඩලය මෙම සිනමා කෘතිය ස්‌වයං වාරණයකට ලක් කිරීමයි. කෙසේවෙතත් 2015 දී යම් යම් සංස්කරණයන් සිදුකරමින් මෙය ලාංකීය  ප්‍රේක්ෂක ජනතාව හමුවට ගෙනඑනු ලැබේ. කලාපයේ ගැහැණු ළමුන් තිදෙනෙකු වටා දිවෙන මෙම කතාන්දරයේ ඇත්තේ සමාජයේ ජීවත්වෙන සබැ චරිතයන් ම වේ. සිනමාපටයේ ප්‍රදාන චරිතයට පණ පොවන ගෝතමිගේ චරිතයෙහි සමාජයේ විවිද කාන්තා චරිත වල සැබෑ ස්වරුපය නිරුපණය කර තිබේ. ඇයට කුඩා කල සිටම හිමිවන්නේ සමාජයේ කොන් වූ චරිතයකි. කුඩාකල පාසලෙන් ඇය ලබන කුඩම්මාගේ සැලකිල්ල නිසාවෙන්මවත්දෝ ඇය තරුණ  කල තම ජීවිතය හැගීම් වලට මුල් තැන දී විනාශ කර ගනුලබන්නේ යැයි වරෙක මට හිතේ.සිනමා කෘතිය තුල ඇය කළු චරිතයක් ලෙස අප අතීත කතාවෙහි දුටුවද පුර්වාපර සංදී ගැලපීමේදී ඇය කළු සුදු  දෙපැත්තෙහිම නිරුපනයක් බව පෙනී යයි.

මවකට ඇති උතුම්ම සම්පත තම දරුවන්ය. ගෝතමී හට මවු පදවිය ලැබෙන්නේ  ලෝක ධර්මතාවයට පටහැනිවය. එහෙත ඇය තම දරුවාව මෙලොවට බිහිකරනු ලබයි. පියෙක් නොමැති දරුවෙකුට හිමි වන්නේ අවජාතක නාමය වේ. එහි ප්‍රතිපලය දරුවන් මහමග දමා යාමට ලක්වීමයි. සමාජයේ මෙම කරන ප්‍රබල ගැටලුවක්ව පවතින අවදියක නිර්මාණකරුවා මෙම කරණය බොරදිය පොකුණෙන් සමාජගත කරනු ලබයි..  එහෙත් අප සිනමාව මෙම සිනමා කෘතිය අස්ම්මත් සේ සලක වසර 13ක් ලාංකීය සිනමාවෙන් සගවා තබනු ලබයි. එහෙත් ලාංකීය සමාජයේ කාන්තාවන් හට ආදර්ශයක් මෙන්ම කාන්තා චරිතයේ සැබෑ ප්‍රතිම්බය සමාජයට පෙන්වන කැඩපතක් සේ බොරදිය පොකුණ සිනමා වංශයට එක වී හමාරයය.

අතීතයේ විදි වේදනා හදවත තුල සගවාගෙන මුවින් සිනාසී ජීවත් වන අපේ කලේ කාන්තා ප්‍රතිමුර්තියයි බොරදියෙන් උපන් ගෝතමිය.

No comments:

Post a Comment